ආරාමය
ජලනන්දන පිරිත නිවසේ සජ්ජායනය අහිතකරද………..?
දිනක් මම පිටස්තර නිවසක සිටින විට සිදුවූ සිදුවීමක් නිසා මෙය ලියන්නට සිතුනි.
වේලාව සවස 7 පමණ වන්නට ඇත. ගුවන් විදුලි යේ පිරිත් සජ්ජායනාවක් ඇරඹූ සැනින් නිවසේ කෙනෙක් විත් එය ක්‍රියා විරහිත කළේය. සියල්ලෝම බෞද්ධයෝ වන මෙම නිවසේ සිදු වූ දෙය ගැන මම මවිත වීමි.
"ඇයි එහෙම කළේ"
"ඔය යන්නෙ ජලනන්දන පිරිත..........."
"ඉතිං"
"ඒක ගෙවල් වල කියන්න හොඳ නෑ"
"ඇයි ඒ..."
"ඒක කිවුවාම පවුල් වල ආරවුල් ඇති වෙනව.....දේව බැල්ම ගෙවල් වලට නැති වෙනව...."
මෙය මම මීට පෙරද කිහිප විටක් අසා ඇත්තෙමි. ඒත් එය එසේ සිදු විය හැකිද? සමාජගත මිත්‍යා දෘෂ්ඨීන් හිස් මුදුනින් පිළිගෙන ඇදහීමට අපට අවසර නැත. "පරම්පරාවෙන් ආ නිසා හෝ, ගුරුවරුන් කී නිසා හෝ කිසිවක් පිළිනොගන්නැයි බුදුන් වහන්සේ දේශනා කර ඇත." ඉතින් අප එය එළෙසින් අදහමුද……..?
Last Updated (Friday, 14 August 2009 16:19)
ආලවක දමනයබුදුන් වහන්සේගේ පුරිසදම්ම සාරථී ගුණය පෙන්වීම සඳහා බොහෝ දෙනා ආලවක දමනය දක්වති.......එහෙත් බුදුන් වහන්සේ ආලවක දමනය කළේ කෙසේදැයි ඇසුවේ නම් ඔවුහු නිරුත්තරය. උන් වහන්සේ ආයුධ තබා ඉඳි කටුවක් වත් භාවිත කළේ නැත. දරුණු බවේ ප්‍රතිමූර්තියක් බදු වූ ආලවක යක්ෂයා බුදුන් වහන්සේ විසින් නිරායුධව දමනය කළ සේක. එය කළේ කෙසේදැයි අප නොදන්නේ නම් "දමනය" යන වදන නිසා වැරදි චිත්ත රූප සිත් තුල ඇති විය හැකිය. එනිසාවෙන් අලවු යක් දමනයේ කථාව අප දැන සිටිය යුතුමය. දිනක් බුදුන් වහන්සේ අළුයම් වෙලේ ලොව බලන සේක් අලවූ කුමරුට අනාගාමී වීමේ පිං ඇති බව දැක ආලවක යක්ෂ විමනට වැඩි සේක. ඒවේලේ අලවු යකු යක්ෂ සමාගමයට ගොස් සිටි අතර විමන භාරව සිටි ගද්‍රභයා බුදුන් වහන්සේ පිටත් කිරීමට හැකි හැම උත්සාහයක්ම දැරීය. පසුව ආලවක යක්ෂයාද පැමිණියේය. Last Updated (Wednesday, 29 July 2009 19:53) පරාභව සූත්රයමිනිසුන්ගේ දියුණුවත් පරිහානියත් පිළිබඳව මේතරම් කථාකරන අවධියක් මීට පෙර තිබුණේදැයි සැක සහිතය. "බලන්න රජෙක් වගේ හිටි මනුස්සයනෙ අද බලු වෙලා තියෙන්නේ" මේ කියමන කීදෙනෙකු විෂයෙහි යෙදිය හැකිද? ඔවුහු පරිහානියට පත්වූ හේතුව ඔවුහුත් නොදනිති. එක් කාලයක බුදුන් වහන්සේ සැවැත්නුවර දෙව්රම් වෙහෙරේ වැඩ වසන දිනෙක දෙවි කෙනක් පැමිණ "භාග්‍ය වතුන් වහන්ස පුද්ගලයෙක් පරිහානියට පත් වන කරුණු මොනවාදැයි දැන ගැනීමට පැමිණියෙමුයි සැලකර සිටියේය." එහිදී බුදුන් වහන්සේ පහත සඳහන් කරුණු පුද්ගල පරිහානියට හේතු වේයැයි දේශනා කල සේක. Last Updated (Tuesday, 28 July 2009 13:21) |
කරණීය මෙත්ත සූත්රයමෙය මහ පිරිතට අයත් තුන් සූත්‍රයන් ගෙන් අවසන් සූත්‍රය ලෙස ගැනේ. රතන සූත්‍රය සේම මෙය අමනුෂ්‍ය බලපෑමක් පදනම් කොට දේශනා කරන ලද්දකි. බුදුන් වහන්සේ සැවැත් නුවර වැඩ විසූ එක්තරා කාලයක සංඝ ශාසනයේ පැවිද්ද ලැබූ භික්ෂූන් වහන්සේලා පන්සිය නමක් බුදුන් වෙතින් කමටහන් ලබා හිමාල වනයට ගොස් වස් විසීය. මෙම වනයේ ජීවත් වූ වෘක්ෂ දේවතාවෝ මෙම භික්ෂූන් වහන්සේලා මෙහි වස් විසීම ඔවුන්ගේ නිදහසට බාධාවක් ලෙස සැලකීය. එනිසා මෙම භික්ෂූන් බිය ගන්වා පලවා ගත යුතුයැයි සිතූ මෙම වෘක්ෂ දේවතාවෝ විවිධ බිය ජනක වෙස් ගෙන භික්ෂූන් ඉදිරියේ පෙනී සිටියහ. Last Updated (Wednesday, 22 July 2009 21:38) චන්දකින්නර ජාතකයකැලේ තියෙන කොයි දේමත් රස වේවා මලේ ඹමරු සේ පිරිවර ඇති වේවා අවුවේ තිබෙන රැස්මාලා අඩු වේවා ගවුවෙන් ගවුව දිව මාලිග ඉදි වේවා
හිමයේ ගොසින් මල් යහනක සිටිනවද කෝමල අනගි සිරිපා දෙක රිදෙනවද හිගේ නැතුව දෙවියෝ මුර කරනවද මගේ හිමි සඳුනි ඔබ තවමත් තනිවමද
ආදරයේත් ප්‍රේමයේත් නිකලැල් බවත් එහි සත්‍යක්‍රියා බල මහිමයත් වෙනුවෙන් යශෝදරා චරිතය බෞද්ධ සාහිත්‍යය පුරාවටම සාක්ෂි දෙන්නීය. Last Updated (Saturday, 18 July 2009 00:20) |


