සාමනේර ප්‍රශ්නය.. Samanera penaya
සාමනේර ප්‍රශ්නය..
සෝපාක නම් භික්ෂුව උපතින්ම ප්‍රඥා සම්පන්නය... දිනක් බුදුරජාණන් වහන්සේ මෙම ප්‍රශ්න 10 සෝපාක සාමණේර නමගෙන් විචාලේය. ඒවා සාර්ථකව විසඳුහෙයින් උපසම්පදාවට අවසර ලබා දුන් බව ශාසන ඉතිහාසයේ සඳහන්වෙයි.
1. එක නම් කුමක්ද?
ü ස්වාමීනි සියළු සත්වයෝ ආහාර මත යැපෙන්නෝය
2. දෙක නම් කුමක්ද?
ü ස්වාමීනි ඒ නාම , රූප දෙකය
3. තුන නම් කුමක්ද?
ü ස්වාමීනි ඒ සුඛ, දුක්ඛ, උපේක්ෂා යන තුන්වේදනාවෝය
4. හතර නම් කුමක්ද?
ü ස්වාමීනි ඒ දුක්ඛ, සමුදය, නිරෝධ,මාර්ග යන සතර ආර්යය සත්‍යයෝය
5. පහ නම් කුමක්ද?
ü ස්වාමීනි ඒ රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාණ යන උපාදානස්කන්ධ පහය
6. හය නම් කුමක්ද?
ü ස්වාමීනි ඒ චක්ඛු, සෝත,සාණ, ජිව්හා,කාය,මනස යන කාමයන් කෙරෙහි වූ ආයතන සයය.
7. හත නම් කුමක්ද?
ü ස්වාමීනි ඒ සති, ධම්මච්වය, ප්‍රීති, විරිය, පස්සදි, සමාධි, උපේක්ෂා යන බොජ්ඣංග සතය.
8. අට නම් කුමක්ද?
ü ස්වාමීනි ඒ සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි යන ආර්ය අෂ්ඨාංගික මාර්ගයන්ය
9. නවය නම් කුමක්ද?
ස්වාමීනි ඒ
i. නානත්තකායා නානත්ත සඤ්ඤිය,
ii. නානත්තකායා එකත්ත සඤ්ඤිය
iii. ඒකත්තකායා නානත්ත සඤ්ඤිය
iv. ඒකත්තකායා ඒකත්ත සඤ්ඤිය,
v. අසඤ්ඤිය,
vi. ආකාසානඤ්චායකනුපගය,
vii. විඤ්ඤානඤ්චායතනුපගය,
viii. ආකිඤ්ඤානුයතනුපගය,
ix. නේවවිඤ්ඤානාසඤ්ඤායතනුපගය යන සත්වවාස නවයය.
10. දහය නම් කුමක්ද?
ස්වාමීනි ඒ
I. අසේඛ සම්මා දිට්ඨිය
II. අසේඛ සම්මා සංකප්ප,
III. අසේඛ සම්මා වාචා,
IV. අසේඛ සම්මා කම්මන්ත,
V. අසේඛ සම්මා ආජීව,
VI. අසේඛ සම්මා වායාම,
VII. අසේඛ සම්මා සති,
VIII. අසේඛ සම්මා සමාධි
IX. අසේඛ සම්මා ඥාණය
X. අසේඛ සම්මා විමුක්තිය
Last Updated (Saturday, 11 July 2009 13:05)



Comments
strikeforce betting
bet on ufc
RSS feed for comments to this post.