• පිරිත්
    • මහ පිරිත
      • කරණීය මෙත්ත සූත්‍රය
      • රතන සූත්‍රය.
      • මහා මංගල සූත්‍රය
  • ලිපි
    • විශේෂ ලිපි
      • ජලනන්දන පිරිත
      • ආලවක දමනය
      • පරාභව සූත්‍රය
  • පන්සිය පනස් ජාතකය.
    • චන්දකින්නර ජාතකය
Main Menu
  • Home
  • Contact us
  • GET SINHALA
දහම් සභාව
  • පිරිත්
    • මහ පිරිත
      • කරණීය මෙත්ත සූත්‍රය
      • රතන සූත්‍රය.
      • මහා මංගල සූත්‍රය
  • ලිපි
    • විශේෂ ලිපි
      • ජලනන්දන පිරිත
      • ආලවක දමනය
      • පරාභව සූත්‍රය
  • පන්සිය පනස් ජාතකය.
    • චන්දකින්නර ජාතකය

පරාභව සූත්‍රය

PostDateIconTuesday, 28 July 2009 13:12 | PostAuthorIconWritten by Administrator | PDF Print E-mail

මිනිසුන්ගේ දියුණුවත් පරිහානියත් පිළිබඳව මේතරම් කථාකරන අවධියක්  මීට පෙර තිබුණේදැයි සැක සහිතය. "බලන්න රජෙක් වගේ හිටි මනුස්සයනෙ අද බලු වෙලා තියෙන්නේ" මේ කියමන කීදෙනෙකු විෂයෙහි යෙදිය හැකිද? ඔවුහු පරිහානියට පත්වූ හේතුව ඔවුහුත් නොදනිති.

එක් කාලයක බුදුන් වහන්සේ සැවැත්නුවර දෙව්රම් වෙහෙරේ වැඩ වසන දිනෙක දෙවි කෙනක් පැමිණ "භාග්‍ය වතුන් වහන්ස පුද්ගලයෙක් පරිහානියට පත් වන කරුණු මොනවාදැයි දැන ගැනීමට පැමිණියෙමුයි සැලකර සිටියේය." එහිදී බුදුන් වහන්සේ පහත සඳහන් කරුණු පුද්ගල පරිහානියට හේතු වේයැයි දේශනා කල සේක.

  • දශ කුශල ධර්මයට අකමැත්තෙන් ධර්මයට ද්වේශ කරන්නා පිරිහෙයි.
  • යමෙක් බුද්ධ ආදී සත් පුරුෂයන් අප්‍රිය කොට දෙසැටක් මිත්‍යා දෘෂ්ඨි සහිත ධර්මයන් ප්‍රිය කරයිද එය පිරිහීමට හේතු වේ.
  • යමෙක් නිදන සුළුද, උට්ඨාන වීර්යෙන් තොරද, උපතින්ම අලස වේද, ක්‍රෝධය ඇසුරු කරයිද හේ පිරිහීමට පත් වේ.
  • යමෙක් වත්පොහොසත් කමින් පරිපූර්ණ වූ විට වයසට ගිය දෙමව්පියන් පෝෂණය නොකරයිද හේ පිරිහීමට පත් වේ.
  • බ්‍රහ්මයෙක් වේවා, භික්ෂුවක වේවා, සිඟන්නෙකු වේවා බොරුවෙන් රවටන්නේද හේ පිරිහීමට පත්වෙයි.
  • වත් පොහොසත් කමින් අග තැන්පත් රස මසවුල් ආහාර ඇත්තා තනිවම වළඳයි ද හේ පිරිහීමට පත් වේ.
  • යමෙක් ජාතිමානයෙන් කුල මානයෙන් තද වූයේද එහි අන්තය වූයේද හේ පිරිහීමට පත්වේ.
  • යම් පුද්ගලයෙක් ස්ත්‍රී, සුරා, අක්ෂ ධූර්තව ලැබෙන සියල්ල වනසයි නම් හේ පිරිහීමට පත් වේ.
  • තම බිරිඳගෙන් සතුටු නොවී ගණිකාවන් සොයා ගොස් සැප සොයන්නෙක් වේද හේ පරිහානියට පත් වෙයි.
  • වයස ඉක්මවා ගිය පුරුෂයෙක් තිඹිරි පල බදු යොවුන් පයෝධර සහිත ලාබාල දැරියක් විවාහ කොට ගෙන ඈ කෙරේ තණ්හාවෙන් ඊර්ෂ්‍යාවෙන් නොනිදා සිටීද හේ පරිහානියට පත් වේ.
  • මස් මාංශ හා මද්‍යසාර ලොල්ව ඒ සඳහා මුදල් වියදම් කරන හෝ එසේ කරන්නෙකු ප්‍රධානත්වයේ තබා ඇසුරු කරන පුද්ගලයෙක් වේද හේ පිරිහීමට පත් වේ.
  • වත් පොහොසත් කම් බෝග සඳහා තණ්හාව ඇත්තෙක් අල්ප බෝග සහිතව ක්ෂත්‍රීය කුලයක ඉපදී හේ රාජ්‍ය පතයි නම් එය පිරිහීමට හේතු වේ.

 

දෙවියන් ඇසූ පැනයට පිළිතුරු ලෙස බුදුන් වහන්සේ ඉහත සඳහන් කාරණා 12 ඇතුලත්ව පරාභව සූත්‍රය දේශනා කල සේක.

Last Updated (Tuesday, 28 July 2009 13:21)

 

Comments  

 
+2 #1 Mohomad Ameez 2009-08-01 21:45
Difficult to understand due to my language issue. but seems good job
Quote
 
Refresh comments list
RSS feed for comments to this post.

Add comment


Send
Cancel
JComments

Copyright © 2009 Krishantha Dinesh (www.krishantha.com)
All Rights Reserved.
Powered by www.krishantha.com

Template idea from