Pirith
කරණීය මෙත්ත සූත්රයමෙය මහ පිරිතට අයත් තුන් සූත්‍රයන් ගෙන් අවසන් සූත්‍රය ලෙස ගැනේ. රතන සූත්‍රය සේම මෙය අමනුෂ්‍ය බලපෑමක් පදනම් කොට දේශනා කරන ලද්දකි. බුදුන් වහන්සේ සැවැත් නුවර වැඩ විසූ එක්තරා කාලයක සංඝ ශාසනයේ පැවිද්ද ලැබූ භික්ෂූන් වහන්සේලා පන්සිය නමක් බුදුන් වෙතින් කමටහන් ලබා හිමාල වනයට ගොස් වස් විසීය. මෙම වනයේ ජීවත් වූ වෘක්ෂ දේවතාවෝ මෙම භික්ෂූන් වහන්සේලා මෙහි වස් විසීම ඔවුන්ගේ නිදහසට බාධාවක් ලෙස සැලකීය. එනිසා මෙම භික්ෂූන් බිය ගන්වා පලවා ගත යුතුයැයි සිතූ මෙම වෘක්ෂ දේවතාවෝ විවිධ බිය ජනක වෙස් ගෙන භික්ෂූන් ඉදිරියේ පෙනී සිටියහ. Read more... Comments (2)
Last Updated (Wednesday, 22 July 2009 21:38) |
||
|


