කරණීය මෙත්ත සූත්‍රය
මෙය මහ පිරිතට අයත් තුන් සූත්‍රයන් ගෙන් අවසන් සූත්‍රය ලෙස ගැනේ. රතන සූත්‍රය සේම මෙය අමනුෂ්‍ය බලපෑමක් පදනම් කොට දේශනා කරන ලද්දකි.
බුදුන් වහන්සේ සැවැත් නුවර වැඩ විසූ එක්තරා කාලයක සංඝ ශාසනයේ පැවිද්ද ලැබූ භික්ෂූන් වහන්සේලා පන්සිය නමක් බුදුන් වෙතින් කමටහන් ලබා හිමාල වනයට ගොස් වස් විසීය. මෙම වනයේ ජීවත් වූ වෘක්ෂ දේවතාවෝ මෙම භික්ෂූන් වහන්සේලා මෙහි වස් විසීම ඔවුන්ගේ නිදහසට බාධාවක් ලෙස සැලකීය. එනිසා මෙම භික්ෂූන් බිය ගන්වා පලවා ගත යුතුයැයි සිතූ මෙම වෘක්ෂ දේවතාවෝ විවිධ බිය ජනක වෙස් ගෙන භික්ෂූන් ඉදිරියේ පෙනී සිටියහ.
මෙයින් භික්ෂූන් වහන්සේලා බිය පත් වූහ. සිරුරු මැලවුණු ස්වභාවයක් ගත්තේය. සිත් එකඟ කළ නොහැකිව භාවනා අසාර්ථක විය. මේ නිසා මේ භික්ෂූන් වහන්සේලා එකතු සංඝස්ථවිරයන් වහන්සේ හමු වී තමන්ට ඇති මෙම අපහසුතාවය සැළකර සිටියහ. සංඝස්ථවිරයන් වහන්සේද භික්ෂූන් කැටුව බුදුන් වහන්සේ හමුවී වස් විසීමට වෙනත් සේනාසනයක් ඉල්ලා සිටි සේක. බුදුන් වහන්සේ කරුණු විමසා බලා "මහණෙනි සේනාසනය මාරු කිරීමට අවශ්‍ය නැත. මෙම පිරිත ඉගෙන ගොස් මසකට අට වරක් බණ අසන දිනයන්හිදී සජ්ඣායනා කරන්න........මෙය පදනම් කර ධර්ම සභාව රැස් වන්න..... මෙය කර්මස්ථානයක් වශයෙන් වඩන්නැයි" අවවාද දී කරණීය මෙත්ත සූත්‍රය දේශනා කළ සේක.
Last Updated (Wednesday, 22 July 2009 21:38)



Comments
I really appreciate ur hard & Great work...
May DALADA Bless You!!!
well done
All the best
RSS feed for comments to this post.