මහා මංගල සූත්‍රය
දෙවියන් සහිත ලෝකයෙහි ඒඒ කාලවල ඇතිවන පස් වැදෑරුම් කෝලාහලයන් පිළිබඳව කියැවේ.
මංගල යනු කුමක්දැයි තේරුම් ගැනීම සඳහා ඇතිවන කෝලාහලය මංගල කෝලාහලයයි.
සක්විති රජකෙනෙකු පහළවේ යැයි ඇතිවන ආන්දෝලනය සක්විති කෝලාහලයයි.
ලෝක විනාශයේදී ඇතිවන කෝලාහලය කල්ප කෝලාහලයයි.
බුදුවරයකු පහළ වේ යැයි ඇතිවන කෝලාහලය බුද්ධ කෝලාහලයයි.
බුදුන් දවස දඹදිව මිනිසුන් අතර මංගල යනු කුමක්දැයි වාදයක් හට ගත්තේය.
කෙනෙක් කනින් අසන සුන්දර දේ මංගල ලෙස අර්ථ දක්වද්දී තවෙකෙක් ගේ මතය වූයේ ඇසින් දකින ප්‍රිය ජනක දේ මංගල බවයි. එහෙත් පංචේන්ද්‍රියන්ට හසුවන සංඥා ප්‍රිය සේම අප්‍රිය ද විය හැකි නිසාවෙන් ඒ ඇසුරින් මංගල යන්න අර්ථ දැක්වීම ගැටළුකාරී විය.
මෙම වාදය මිනිස් ලොවින් දෙවු ලොවටත් එතැනින් භ්‍රහ්ම ලෝකයටත් පැතිර ගිය බව කියැවේ. 12 වසරක් පුරා පැවති මෙම වාදයෙන් පිරිස් පිල්වලට බෙදී ගිය අතර අවසන් කීරණයකට එළැඹීමටද නොහැති විය.
තවුතිසා දෙවුලොව දෙවු පිරිසකගේ මතය වූයේ මෙම මංගල ගැටඵව විසඳීමට නම් බුදුන් වහන්සේ මුණ ගැසිය යුතු බවයි. මෙසේ තීරණය කරගත් පිරිස බුදුන් වහන්සේ කරා එළඹ මංගල යනු කුමක්දැයි විමසුවෝය.
ලෞකික ජීවිතයට අදාල කරුණු 32 කුත්, ලෝකෝත්තර ජීවිතයට අදාල කරුණු 6 කුත් වශයෙන් උභයලෝක සංසිද්ධි කාරණා 38 ක් ඇතුලත් මහා මංගල සූත්‍රය දේශනා කරමින් බුදුන්වහන්සේ මංගල ප්‍රශ්නය විසඳූ සේක.
Last Updated (Wednesday, 08 July 2009 22:05)



Comments
Can u pls upload "Rathnamalee Bhandana Gatha" to this site?
RSS feed for comments to this post.